රුසියාවට එරෙහිව ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්

යුක්‍රේනය වෙත පේට්‍රියට් මිසයිල ආරක්ෂණ පද්ධති ලබාදෙන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
රුසියාව මේ වනවිට යුක්‍රේනයේ කලාප රැසක් වෙත එල්ල කරමින් පවතින මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් ආරක්ෂාවීමට, ඔවුන්ට මෙම ගුවන් ආරක්ෂණ පද්ධතිය ලබාදෙන බවත් ට්‍රම්ප් පවසා තිබුණි.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, විටෙක ඉතා යහපත් දේ කතාකරමින් සිටියත්, ඉන් පසුව සියලුදෙනා මත බෝම්බ හෙළමින් මිනිස් ජීවිත අනතුරේ හෙළන බව ට්‍රම්ප් පවසයි.
කෙසේ නමුත් යුක්‍රේනය වෙත කෙතරම් පේට්‍රියට් මිසයිල බැටරි ප්‍රමාණයක් ලබා දෙනවා ද යන්න ට්‍රම්ප් පවසා
නැහැ.
නේටෝ සංවිධානය හරහා යුක්‍රේනය වෙත ආයුධ යැවීමට අමෙරිකාව සූදානම් බවට ප්‍රකාශයක් කර දින කිහිපයක් ගතවීමෙන් පසුව ජනාධිපති ට්‍රම්ප් මේ බව පැවසීම විශේෂත්වයකි.
එමෙන්ම මෙය රුසියානු, අමෙරිකානු නායකයින් දෙදෙනා අතර මෙතෙක් පැවති හිතවත්කම පළුඳු වීම ද මෙමඟින් පෙන්නුම් කරන බව වාර්තා වේ.