ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානීයා මරුට

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානීයා මරුට

ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානිවරයා සහ තවත් අණදෙණ නිලදාරින් දෙදෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , ප්‍රහාර හමුවේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානි මොහොමඩ් කාසෙම්, නියෝජ්‍ය අණදෙන නිලධාරි හසන් මොහාකෙක් සහ අණදෙණ නිලදාරි මොහසෙන් බකෙරි මියගොස් ඇති බවයි.

පසුගිය දා ඊශ්‍රායල හමුදා ටෙහෙරාන් නුවර ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරකින් ඔවුන් තිදෙනා මියගොස් ඇතැයි බී. බී .සි පුවත් සේවය වාර්තා කළේ ය.

මේ අතර ඉරානයට සහයෝගය පළ කරන බවට හමාස් සංවිධානය නිවේදනය කර තිබේ.

හමාස් සංවිධානය සඳහන් කළේ තමන් ඉරාන නායකත්වය සමඟ සහ ඉරාන ජනතාව සමඟ සමිපව කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම එම සංවිධානය නිකුත් කළ නිවේදනය මගින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානිවරයාගේ මරණයට ද ශෝකය පළ කර තිබේ.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාර එල්ලවන අතරතුර ඉරානය සටන්විරාම සාකච්ඡා සිදු නොකරනු ඇතැයි ඉරාන මැදිහත්කරුවන් වන කටාරය සහ ඕමානය පවසයි.

එම රටවල් සඳහන් කළේ , ඊශ්‍රායල ප්‍රහාරවලට ඉරානය ප්‍රතිචාර දැක්විම අවසන් කළ පසු එම සාකච්ඡා සිදු විය හැකි බවයි.

පසුගිය සිකුරාදා සිට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ පුද්ගලයින් 224 දෙනෙකු මියගොස් 1277 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 10 ක් වන බවයි.

COMMENTS