අන්තර් ජාතික The Voice කිරුළ සුපුන්ගේ කණ්ඩායමේ ඉමේෂ් සංදීපට

අන්තර් ජාතික The Voice කිරුළ සුපුන්ගේ කණ්ඩායමේ ඉමේෂ් සංදීපට

ඉමේෂ් සංදීප, The Voice Sri Lanka Season 3 කිරුළ දිනා ගත්තේ ය. ඒ පෙරේදා (14) රාත්‍රියේ පැවති අවසන් මහා තරගයේදී ය.

ශ්‍රී ලාංකේය දක්ෂතම හඬ පෞරුෂය සොයා ගිය ද වොයිස් ජාත්‍යන්තර වැඩසටහනේ අවසාන මහා තරගය පෙරේදා රාත්‍රියේ පැවැත්වුණේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයෙදීය.

සෙංකඩගල පුරවරයෙන්, The Voice Sri Lanka තරග බිමට පිවිසි ඉමේෂ් සංදීප්, (14) රාත්‍රියේ ජාත්‍යන්තර වේදිකාව ජය ගත් ලාංකේය ගායන තරුව ලෙස අභිෂේක ලැබීය.

The Voice Sri Lanka කිරුළ දිනූ ඉමේෂ් සංදීප් සමග, අවසන් මහා තරගයට එක්ව සිටි තරගකරුවන් සංඛ්‍යාව, 4 ක්.

කෝච් රයිනි චාරුකාගේ කණ්ඩායමෙන්, අයිසැක් ටිමති

කෝච් මිහිඳු ආරියරත්නගේ කණ්ඩායමෙන්, රසිදු මිහිසර

කෝච් හිරුෂි ජයසේනගේ කණ්ඩායමෙන්, ලිසාරා ප්‍රනාන්දු අවසන් තරගයට එක්වූහ.

එහිදී එකිනෙකාට දෙවැනි නොවූ ඔවුන්ගේ ගායන හැකියාව, කාගේත් අවධානයට ලක් විය.

COMMENTS