කොවිඩ් වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන්

කොවිඩ් වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන්

නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අවධානයෙන් පසුවන අතර, රෝගීන් පරීක්ෂාව වැඩිකර, පී සී ආර් යන්ත්‍ර ප්‍රමාණය සක්‍රීය කර ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා .

වාර්තා වන රෝගීන් ප්‍රමාණය අනූව, ඊළග තීන්දුව ගැනීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පැවසුවේ .

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් .

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාල නිලධාරීන් නිරන්තරයෙන් රැස්වී තීන්දු තීරණ ගනිමින් සිටින බවද අමාත්‍යවරයා පැවසුවා .

ඉදිරියේදී අදාළ ආයතනය සියල්ල සම්බන්ධීකරණය කරගනිමින් ජනතාවට අවශ්‍ය කරන යාවත්කාලීන තොරතුරු ලබාදීමට කටයුතු කරන බවද අවධාරණය කළා .

කොවිඩ් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට පටන් ගත්තේ ඊයේ පෙරේදා හෝ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක කොවිඩ් පැතිරෙන තත්ත්වය යටතේ නොවන බව පැවසූ අමාත්‍යවරයා පසුගිය දිනවල අග්නිදිග ආසියාවේ රටවල් කිහිපයක මෙම කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් වාර්තා වූ බවද, එම අවස්ථාවේ සිටම ක්‍රියාත්මක වූ වසංගත රෝග විද්‍යා ඒකකය සහ සෞඛ්‍ය අංශ මේ පිළිබඳ අවධානය යොමු කරමින් මෙම නව තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර සැලකිලිමත් වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කොවිඩ් රෝග ලක්ෂණ සහිත රෝගීන්ට අවශ්‍යකරන පී සී ආර් පරීක්ෂණ සිදුකරන බවද වැඩිදුරටත් පැවසුවේය. ගුවන්තොටුපොළ සහ වරායන් වලින් රටට ඇතුලු වන අය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයිද අවශ්‍ය වුවහොත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමට සෞඛ්‍යඅංශ සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළා .

COMMENTS