අමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක්

අමෙරිකාවේ කොරලරාඩෝ ප්‍රාන්තයේ බොල්ඩර් ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බොල්ඩර්හි පර්ල් වීදි සංකීර්ණයේ රැස්ව සිටි පිරිසකට පුද්ගලයකු විසින් පෙට්‍රල් බොම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
ගාසා තීරයේ රදවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිහිකිරීම වෙනුවෙන් රැස් වු පිරිසකට එම ප්‍රෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ප්‍රමාණය මෙතෙක් වාර්තා කර නොමැති අතර ඔවුන් අතර බරපතල පිළිස්සුම් ලැබු පිරිසක් ද සිටින බව සඳහන් ය.
මේ වනවිට එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර පර්ල් වීදියට ඉහලින් ගමන් කරන ඩ්‍රෝන ,හෙලිකොප්ටර් ඇතුළු සියලුම ගුවන් යානා සඳහා ඒ අවට ගුවන් අවකාශය මඟ හරින ලෙස ද ආරක්ෂක අංශ ඉල්ලා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් අමෙරිකානු එෆ්. බී .අයි. ආයතනය පැවසුවේ එය ත්‍රස්ත ප්‍රහාරක් බවයි.