මෙරටට ඖෂධ සපයා ගැනීමට විදෙස් රටවලින් සහාය ලබාගැනීමේ වැඩපිලිවෙලක්

මෙරටට ඖෂධ විධිමත්ව සපයා ගැනීම සඳහා විදෙස් රටවලින් සෘජුවම සහාය ලබාගැනීමේ විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වනවා.
ඖෂධ සැපයුම් ජාලයේ පවතින ගැටලු හේතුවෙන් ඇතිවන ඖෂධ සැපයීම් , බාධා අවම වන තෙක් හිග ඖෂධ ලබාගැනීම සඳහා විදේශ රජයන්වල සහාය සෘජුව ලබාගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අදහස් කර ගෙන තිබෙනවා.
ඒ අනුව මේ සඳහා අනුමැතිය ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කෙරුණා.
එහිදී අමාත්‍ය මණ්ඩලය ලබා දුන් උපදෙස් අනුව මෙරට රජය අනෙකුත් රාජ්‍යයන්ගෙන් සෘජුවම ඖෂධ ලබාගැනීමේ ක්‍රමවේදය යටතේ විධිමත් කමිටුවක් පත්කර ඉදිරි කටයුතු දියත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙරට ඖෂධ සැපයුම් ජාලය යතාතත්ත්වයට පත් කිරීම සදහා කඩිනම් වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මකත වෙමින් පවතිනවා.