මීළඟ පාප් වහන්සේ තෝරන සමුළුව ඇරඹෙයි

හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා රෝමයේ පැවැත්වෙන රහස් සමුළුව මීට ටික වේලාවකට පෙර ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ වෙනුවෙන් මහාද්වීප පහක රටවල් 70ක කාදිනල්වරු 133 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.
ඒ අනුව ශාන්ත පීතර බැසිලිකාවට රැස්වු ලොවපුරා වෙසෙන කාදිනල් හිමිවරු එහි පැවති දිව්‍ය පුජාවෙන් අනතුරුවයි ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කර තිබෙන්නේ.