පකිස්ථානයට එල්ලවූ ඉන්දීය මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 8ක් මරුට

පකිස්ථානයට එල්ල වූ ඉන්දීය මිසයිල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
පකිස්ථානයේ කිසිඳු හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල නොකළ බවත්, ඉතාම සූක්ෂමව හඳුනාගත් ත්‍රස්ත ඉලක්කවලට පමණක් මිසයිල ප්‍රහාර එල්ල කළ බවත් ඉන්දීය බලධාරීන් පවසයි.
මෙම ප්‍රහාර හේතුවෙන් පකිස්ථානයේ පන්ජාබ් පළාතට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ, නිවෙස්වලින් පිටතට ගමන් නොකරන ලෙසයි.
ඉන්දියානු ප්‍රහාර හමුවේ බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් පකිස්ථාන බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා තිබේ.
මේ අතර ඉන්දීය ජෙට් යානා තුනක් සහ ඩ්‍රෝන යානා දෙකක් බිම හෙලූ බව පකිස්ථාන හමුදාව පැවසුවේය.
එහිදී ඉන්දීය හමුදා සෙබලුන් කිහිප දෙනෙකු සිය භාරයට ගෙන ඇති බව, විදෙස් වාර්තාවල සදහන්.
මේ අතර ඉන්දියාව පැවසුවේ ඉන්දියාවට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය දියත් කළ බවයි.
පකිස්තානය, ඉන්දියාව විසින් පාලනය වන කාශ්මීර ප්‍රදේශයට, කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලා තිබේ.
කෙසේ නමුත් ඉන්දියාවට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තමන් සතු බව පකිස්ථානය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට දන්වා ඇත.
පකිස්ථාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ, ඉන්දියානු ප්‍රහාරය ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් බවයි.