ජාතික ජන බලවේගයේ මැයි රැළිය හෙට ගෝල්ෆේස් පිටියේදී

ලෝක කම්කරු දිනය හෙට (01) දිනයට යෙදී තිබෙනවා.
ඒ අනුව, එය සමරමින් ජාතික ජන බලවේගය සංවිධානය කරන මැයි දින රැළිය හෙට පසුවරු 3.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.
‘රට හදන ජන බලය පෙළගැසෙන මැයි රැළිය’ යන්න ඔවුන්ගේ මෙවර මැයි දින සැමරුමේ තේමාව බවයි සඳහන් වෙන්නේ.