මේ රජය වැඩබැරි ආණ්ඩුවක් – සජිත්

මේ රජය වැඩබැරි ආණ්ඩුවක් – සජිත්

වත්මන් ආණ්ඩුව ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සුබ නැකතින් රට අනුරට බවට පවසා, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගැන කතා කර අද වනවිට බොරුව, මුසාව හා රැවටිල්ල හේතුවෙන් රටේ සමස්ත ජනතාව අසරණ තත්ත්වයට පත්ව ඇති බවයි මහරගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

අද වන විට සමාජය නාදුනන තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවත් නීතිය වල්බිහිවී ඇති බවද විපක්ෂ නායකවරයා ජන හමුව අමතමින් සඳහන් කළා.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ටියුෂන් දීමට සූදානම් කියූ ආණ්ඩුවට අද වන විට ජාතික ආරක්ෂාව ගැන කරුණු පැවසීමට ජනතාවට සිදුව ඇති බවත් මෙම රජය අදක්ෂ හා වැඩ බැරි ආණ්ඩුවක් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

COMMENTS