රටවල් 30ක අමෙරිකානු තානාපති කාර් යාල වසා දැමීමට තීරණයක්

විදෙස් රටවල් 30ක ඇමෙරිකානු තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව සෝමාලියාව, ඉරාකය, මෝල්ටා, ලුක්සන්බර්ග්, කොංගෝ ජනරජය, මධ්‍යම අප්‍රිකානු ජනරජය, සුඩානයේ තානාපති කාර්යාල සහ යුරෝපයේ, අප්‍රිකාව ආසියාවේ රටවල තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීමට යෝජනා වී තිබේ.
තවද ප්‍රංශයේ අමෙරිකානු කොන්සල් කාර්යාල වසා දැමීමටත් ජර්මනියේ කොන්සල් කාර්යාල සහ බොස්නියාවේ කොන්සල් කාර්යාල වසා දැමීමට අවධානය යොමු වී තිබේ.
අමෙරිකානු රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍යයන්හි වැඩිදුරටත් වාර්තා වන්නේ.