පසුගිය රජය සුරාබදු සමාගම්වලින් අයවිය යුතු බදු මුදල ද අය කර ගෙන නෑ – නලින්ද ජයතිස්ස

පසුගිය රජය සුරාබදු සමාගම්වලින් අයවිය යුතු බදු මුදල ද අය කර ගැනීමට ක්‍රියාකර නැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) ප්‍රකාශ කළා.
ඔවුන්ට එරෙහිව සුරාබදු නීතියට අනුව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මත්පැන් බලපත්‍ර විකුණා සැලකිය යුතු රාජ්‍ය ආදායමක් ලැබුණු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09) කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ පිළිබද පැහැදිලි කළා.
නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ බදු ආදායමට අමතරව රටට ආදායම් ගෙනෙන නව ක්රමෝපායක් ලෙස මෙම බලපත්‍ර විකුණු බවයි.
සෘජු බදු සීඝ්‍ර ලෙස අහිමිවීමට විකල්ප ලෙස රජයේ ආදායම් වැඩිකර ගැනීම සඳහා මුදල් අයකර සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට එහිදී තීරණය කර තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නීතිරිත සහ නියමිත ක්‍රමවේදයට අනුව බලපත්‍ර නිකුත් කර ඇති බවයි හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් සඳහන් කර තිබෙන්නේ.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් ප්‍රකාශ කළ ද එම සමාගම්වලින් අය විය යුතු බදු මුදලවත් අය කර ගැනීමට ක්‍රියාකර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
සුරාබදු නීතියට අනුව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.