සංවර්ධනයේ ස්වර්ණමය යුගයක් ඇති කිරීමට සජිත් සූදානම් වෙයි

සංවර්ධනයේ ස්වර්ණමය යුගයක් ඇති කිරීමට සජිත් සූදානම් වෙයි

සංවර්ධනයේ ස්වර්ණමය යුගය තම රජයක් යටතේ නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මාවතගම පැවති ජන රැළියට එක්වෙමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ තරුණයින්ගේ විරැකියා ගැටලුවට කර්මාන්ත බිහිකරමින් විසදුම් ලබාදෙන බවයි.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරුණු තවත් ජන රැළියක් මාවතගම දී පැවැත්වුණා.

මේ සදහා සමගි ජන සන්ධානයේ නියෝජිතයින් ඇතුලු පිරිස එක්ව සිටියා.

COMMENTS