ඩිල්ෂාන් මධුශංකට දඬුවමක්

එල්.පී.එල්. ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවකට වරදකරුවීම නිසා දඹුල්ල සික්සර්ස් ක්රීඩක ඩිල්ෂාන් මධුශංකට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් සහ දඬුවම් ලකුණක් ලබා දීමට එල්.පී.එල්. විනය කමිටුව පියවර ගෙන තිබෙනවා.
ඒ ඉකුත් 14 වැනිදා ගෝල් මාර්වල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී දැවී ගිය පිතිකරුවෙකුට අපහාසාත්මක ලෙස බැන වැදිම ඇතුළු චෝදනා කිහිපහකට ඩිල්ෂාන් වරදකරු වීමෙන් අනතුරුවයි.
මෙය එල්.පී.එල්. චර්යාධර්ම සංග්රහය යටතේ පළමු මට්ටමේ වරදක් වන අතර, එම වරද ඩිල්ෂාන් විසින් පිළිගෙන තිබෙනවා.