එවරස්ට් කන්දේ ප්‍රමාණයට සමාන ග්‍රාහකයා පෘථිවිය පසුකරයි

එවරස්ට් කන්දේ ප්‍රමාණයට සමාන ප්ලැනට් කිලර් ග්‍රාහකය පෘථිවිය පසුකර ගොස් තිබෙනවා.
2011 යූඑල් 21 ලෙස හැදින්වෙන මෙම ග්‍රාහකය පළමුවරට හදුනා ගැණුනේ 2011 වසරේදීයි.
මෙවර එය පෘථිවියට සැතපුම් මිලියන 4.1ක දුරින් ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
එය තත්පරයට කිලෝමීටර් 26ක වේගයෙන් ගමන් කරන බවද සදහන්.
තවත් වසර දහසක් පමණ යන තුරු ප්ලැනට් කිලර් ග්‍රාහකය පෘථිවියේ ගැටීමට අවස්ථාවක් නොමැති බවයි යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කරන්නේ.
2011 වසරේ දී එය පෘථියේ ගැටීමේ ප්‍රවණතාව අවස්ථා මිලියන 71කින් එකක් ලෙස සැලකුණු අතර 2029 වසරේ දී එය අවස්ථා මිලියනයට එකක් ලෙස දැක්වෙනවා.
එමෙන්ම 2089 වසරේ දී තවදුරටත් ග්‍රාහකය පෘථිවිය ආසන්නයට පැමිණෙන බවද යුරෝපා අභයවකාශ ඒජන්සිය පවසනවා.
මේ අතර 2024 එම් කේ ලෙස හැදින්වෙන තවත් ග්‍රාහකයක් හෙට (30) දිනයේ දී පෘථිවිය පසුකර යාමට නියමිත බවයි වාර්තා වන්නේ.