කැළණි ගඟ අවට ගංවතුර අවදානම ඉහළ යයි

කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්රදේශවලටද අද අළුයම 03.00 වන විට සැළකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
මේ හේතුවෙන් කැළණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට විශ්ලේෂණය කරමින් සිටියි.
එම දත්තයන්ට අනුව අළුයම 03.00 සිට ඉදිරි පැය 48ක කාලය තුළ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය කොට්ඨාසවලට අයත් කැළණි ගඟා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වලින්ද ඔවුන් ඉල්ලා සිටියි.