රජයේ ඖෂධවේදීන්ගේ සංගමය වර්ජනයක

උපාධිධාරි ඖෂධවේදීන් බඳවා නොගෙන ඖෂධ සංයෝජකවරුන් පුහුණුව සදහා බඳවා ගැනීමේ තීරණයකට විරෝධය පළ කරමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
අද (20) පෙරවරු 08.00ට ආම්භ කළ එම වර්ජනය හෙට පෙරවරු 08.00 දක්වා ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ සභාපති තුෂාර රණදේව සඳහන් කළේ.