මැක් ටයිල් 32 වැනි ප්‍රදර්ශනාගාරය විවෘත කෙරේ

මෙරට විශාලම ටයිල් නිෂ්පාදකයා වන මැක් ටයිල් සමාගම සිය නවතම ප්‍රදර්ශනාගාරය වරකාපොල – දුම්මලදෙණිය ප්‍රදේශයේ විවෘත කර තිබෙනවා.
මෙලෙස විවෘත කෙරුණේ ඔවුන්ගේ 32 වන ප්‍රදර්ශනාගාරය වන අතර එම සමාගම සතු අලෙවි නියෝජිතයින් සංඛ්‍යාව දෙදහසක්.
ටයිල් සඳහා වැට් බදු ඉහළ දැමීමෙන් පසුවද පැරණි මිල ගණන් යටතේම සිය නිෂ්පාදන අලෙවි කරන බවයි මැක් ටයිල් සමාගම ප්‍රකාශ කළේ.