එළවලු මිල සීඝ්‍රයෙන් බසී

එළවලු මිල සීඝ්‍රයෙන් බසී

මේ දිනවල එළවලු මිල සීඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා.

අද (12) පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ රාබු කිලෝ එකක මිල රුපියල් 60ක් වන අතර, වම්බටු කිලෝ එකක මිල රුපියල් 120ක් බවයි සඳහන් වන්නේ.

තවද, කැරට් රුපියල් 400ක් වන අතර, මෑ කරල් රුපියල් 200ක් ලෙස සටහන් වෙනවා.

තවත් එළවලු කිහිපයක මිල පහතින්,

නෝකොල් රුපියල් 180
බීට් රුපියල් 200
බෝංචි රුපියල් 350
ලීක්ස් රුපියල් 220
වැටකොළු රුපියල් 150
තක්කාලි රුපියල් 250
දඹල රුපියල් 160
අමු මිරිස් රුපියල් 400
මාළු මිරිස් රුපියල් 450
වට්ටක්කා රුපියල් 250
දෙහි රුපියල් 180
ඉඟුරු රුපියල් 1700