පියයුරු පිළිකා ගැන බය හිතන කතාවක්

පියයුරු පිළිකා ගැන බය හිතන කතාවක්

වසරකට මෙරට කාන්තාවන් 1095 ක් පියයුරු පිළිකා හේතුවෙන් මරණයට පත්වන බව වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය පවසනවා.

ලෝක කාන්තා දිනය වෙනුවෙන් (07) මහනුවර පැවැති උත්සවයකට එක්වෙමින් ඇය කියා සිටියේ වසරකට මෙරට කාන්තාවන් 5475 දෙනෙකු පියයුරු පිළිකාවට ගොදුරුවන බවයි.

එමෙන්ම, මෙරට ජීවත් වන සෑම කාන්තාවන් 08 දෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම පවතින අතර මේ හේතුවෙන් කාන්තාවන් තිදෙනෙක් දිනකට මරණයට පත්වන බවයි ඇය පැවසුවේ.

එමෙන්ම තවත් කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකා රෝගීන් වශයෙන් දිනකට හඳුනා ගැනෙනවා.

මේ අතර කාන්තාවන්ට පමණක් නොව පුරුෂයන්ට ද පියයුරු පිළිකා වැළඳෙන අතර ඉන් සියයට එකක් පමණ පුරුෂයන් බව ද ඇය සඳහන් කළා.