සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ එළඹෙන සති අන්තයේ දී

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ එළඹෙන සති අන්තයේ දී

සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා ගම්පහ, කළුතර, කොළඹ හා කෑගල්ල දිස්ත්‍රික්ක වලට අදාල සම්මුඛ පරීක්ෂණ ජනවාරි 20 සහ 21 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා සඳහන් කරනවා

සම්මුඛ පරීක්ෂණ කොළඹ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

මීට අදාළ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුව (https://www.health.gov.lk/) පරිශීලනයෙන් ලබාගත හැකි බවද සඳහන් වනවා.

COMMENTS