දරුවන් අතර ලාදුරු පැතිරීමේ වර්ධනයක්

දරුවන් අතර ලාදුරු පැතිරීමේ වර්ධනයක්

ලාදුරු වැනි බෝ වන රෝගයක් පාලනයට නම් වයස් හෝ ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව සියලුම රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු බවත් බෝ වන මට්ටමින් රෝගය පවතින බහුතරයක් වැඩිහිටියන් බවත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පවසනවා

ලාදුරුවලින් තොර පවුලක් පවත්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් ඒ මහත්මිය සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ ළමා ලාදුරු ප්‍රතිශතය ක්‍රමයෙන් වර්ධනය වෙන බවක් පෙනෙන්නට තිබෙන නමුත් අපේ රටේ ලාදුරු වැළදුන දරුවන් අතර අති බහුතරය බෝ නොවන වර්ගයේ, නැත්නම් තනි ලාදුරු ලපයක් සහිත දරුවන් බවත් වෛද්‍යවරිය පවසනවා.

ඔවුන්ට රෝගය බෝ වන්නේ දුර දිග ගිය මට්ටමින් රෝගය පවතින වැඩිහිටි අයගෙන් බවයි ඒ මහත්මිය අවධාරණය කරන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වන ඉන්දිරා කහවිට මහත්මිය,

තවත් වැදගත් කරුණක් වන්නේ අප රටේ ලාදුරු වැළදුන දරුවන් අතර ස්නායු ආබාධ හෝ විකෘතිතා අවම වීමයි. 2022 වසරේදී ශ්‍රී ලංකාවේ ලාදුරු වැළදුන දරුවන් අතරින් විකෘතිතා පැවතුනේ 0.68% වැනි අඩු ප්‍රතිශතයක පමණයි. නමුත් ලෝක මට්ටමින් මේ ප්‍රතිශතය 2% 3% වැනි අගයක් ගන්නවා. විකෘතිතා ඇති වන්නේ කල් ගතවූ රෝගීන්ටයි. මෙයින් අපට පෙනී යන්නේ අප රටේ දරුවන් ඉක්මනින් ප්‍රතිකාර සදහා යොමු වන බවයි. මෙය ඉතා හොඳ ප්‍රවණතාවයක්.

COMMENTS