ළමා ලාදුරු වැඩිම රටවල් අතර ලංකාව තුන්වන තැනට

ළමා ලාදුරු වැඩිම රටවල් අතර ලංකාව තුන්වන තැනට

ළමා ලාදුරු වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව තුන්වන තැනට පත්ව ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසනවා.

ශ්‍රී ලංකාවේන් සොයා ගන්නා ලාඳුරු ‍රෝගීන්ගෙන් 10%ක් වයස අවුරුදු 15ට අඩු දරුවන් බවයි සඳහන් වන්නේ.

එය කණගාටුදායක තත්ත්වයක් බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා පවසනවා.

ලාදුරු රෝගය තුරන් නොවූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 83ක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ලාදුරු රෝගය වැඩි දිස්ත්‍රික්කවල පාසල් සඳහා ලාදුරු තුරන් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි.

COMMENTS