අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (11) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැණුම් අගයෙහි සුළු වැඩිවීමක් වාර්තා වෙනවා.

ඒ අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අගය රුපියල් 318.07ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 317.83ක් ලෙසින් සටහන් වුණා.

එමෙන්ම අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 327.64ක් ලෙස සටහන් වූ අතර ඊයේ දිනයේ එම අගය වාර්තා වූයේ රුපියල් 327.54ක් ලෙසයි.