වසරේ පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2,300ක්

වසරේ ගෙවුණු පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2,316 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
සෙඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වෙන්නේ ඉන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි.
කෙසේ වෙතත් පසුගිය මාසයේ අවසන් සතියේ ඩෙංගු රෝගීන් වාර්තාවීමට වඩා මෙය සාපේක්ෂව අඩුවීමක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටියා.
මේ අතර මුලු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මර්දන සතියේ දෙවන දිනය වන ඊයේ දිවයින පුරා පාසල් සහ ආගමික ස්ථානවල මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා.
අද (09) රජයේ සහ පෞද්ගලික ආයතනවල පරිශ්‍ර මෙන්ම කර්මාන්ත සහ වැඩබිම්වල පරීක්ෂා කිරීම් සිදුකිරීමට නියමිත අතර හෙට දිවයින පුරා නිවෙස්වල ඩෙංගු මදුරු කීටයින් සිටින්නේද යන්න පරීක්ෂා කරනු ඇති.