සරම්ප අමතර එන්නත් මාත්‍රාවක් ලබා දීමට සැලසුම්

අධි අවදානම් ඇති සෞඛ්‍ය දිස්ත්‍රික්කවල වෙසෙන මාස 06- මාස 09 වයස් කාණ්ඩයේ දරුවන්ට සරම්ප අමතර එන්නත් මාත්‍රාවක් ලබා දීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසා තිබෙනවා.
මෙලෙස අධි අවදානම් සෞඛ්‍ය දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල, සහ කල්මුණේ බවට සඳහන්.
ඒ අනුව 2024 ජනවාරි 06 වන දින උදෑසන 09:00 සිට පස්වරු 04:00 දක්වා ආසන්නතම එන්නත්කරණ සායනයෙන් මෙම අමතර එන්නත් මාත්‍රාව ලබා ගැනීමට හැකියාවක් පවතිනවා.
එන්නත් නොකළ පුද්ගලයින් 10දෙනෙකුගෙන් නවදෙනෙකු පමණම වෛරසය ආසාදිතයින් බවට පත් වන බවයි අනාවරණය වන්නේ.
කෙසේ වෙතත් එන්නත්-විරෝධී අවිද්‍යාත්මක මත ආදිය හේතුවෙන්, සරම්ප එන්නත නොගත් පුද්ගලයන් 7,500ත් 10,000ත් අතර සංඛ්‍යාවක් රට තුළ සිටින බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ගිනිගේ ප්‍රකාශ කර ඇත්තේ.