කොවිඩ් පරීක්ෂණ වැඩි කරයි

කොවිඩ් පරීක්ෂණ වැඩි කරයි

මෙරට කොවිඩ් පරීක්ෂණ ගණන දෙගුණයක් කළ බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පැවසීය.

ලෝකය පුරා අලුත් කොවිඩ් ප්‍රභේදයක් පැමිණ ඇති නමුත් කොරෝනා යළි පැතිරීමක් සම්බන්ධයෙන් බොරු බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව රත්නප්‍රිය කීය.

කොරෝනා මෙන්ම වසංගත රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සෙවිල්ලෙන් සිටින බවත් බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වැඩි වී ඇති අතර රෝග මර්දනය කිරීමේදී ජනතාවටත් වගකීමක් පැවරෙන්නේ යැයි රත්නප්‍රිය සඳහන් කළේය.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය හමුවකදී රත්නප්‍රිය මේ බව කීය.

COMMENTS