වෛරස් රෝගවලට වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ ගැනීම නොකළ යුතුයි

වෛරස් රෝගවලට වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ ගැනීම නොකළ යුතුයි

මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වෛරස් රෝගවලට වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම සිදු නොකළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ සඳහන් කළේ දීර්ඝ කාලයක් තිස්සේ උණ රෝගී තත්වයක් පවතින්නේ නම් රජයේ රෝහලකට පැමිණ වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි.

වෛරස් රෝගී තත්වය වාතය හරහා සීඝ්‍රයෙන් පැතිර යන බැවින් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්, ගර්භනී මව්වරුන් සහ නිධන්ගන රෝග වලින් පෙළෙන්නන් ඉන් ආරක්ෂාවීමට මුව ආවරණ පැළඳ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.