නවතම කොවිඩ් ප්‍රභේදය ගැන නිවේදනයක්

නවතම කොවිඩ් ප්‍රභේදය ගැන නිවේදනයක්

දැනට ලැබෙන දත්ත අනුව කොවිඩ් 19 වෛරසයේ උප ප්‍රභේදයක් වන JN -1 හේතුවෙන්, මෙරට තුළ වසංගත තත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ , ඉන්ෆ්ලුඑන්සා සහ වෙනත් ශ්වසන රෝග පැතිරීම වැළැක්වීම සඳහා සංවෘත, වාතාශ්‍රය අඩු, ජනාකීර්ණ ස්ථානවල මුව ආවරණ පැළදීම, නිතර අත් සේදීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස සහ කිවිසුම් ආචාර පවත්වා ගැනීම මගින් මෙම ශ්වසන රෝග පැතිරීමට ඇති ඉඩකඩ විශාල ලෙස අවම කර ගත හැකි බවයි.

මේ අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්, නිදන්ගත රෝගවලින් පෙලෙන්නන් සහ ගර්භනී මවුවරුන් ශ්වසන රෝගවලට ගොදුරු වුවහොත් සංකුලතා ඇතිවීමේ අවදානම වැඩි බැවින්, එම පුද්ගලයින් විශේෂයෙන් ම ප්‍රවේශම් විය යුතු බව ද අදාළ නිවේදනය මගින් එම අමාත්‍යංශය පෙන්වා දෙනවා.

COMMENTS