මෙරට ජනගහනයෙන් වැඩි පිරිසකට දියවැඩියාව

මෙරට වයස අවුරුදු 35ට අඩු ජනගහනයෙන් 15%කට දියවැඩියාව රෝගී තත්ත්වය ඇති බව 2021-2022 වර්ෂවලදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කරන ලද සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව මෙරට ජනගහනයෙන් 35%කට අධි රුධිර පීඩනය පවතින බවයි සඳහන් වන්නේ.
මෙලෙස වාර්ෂිකව සිදු වන මරණවලින් 80% කටම හේතු වී ඇත්තේ බෝ නොවන රෝගයන් සහ එහි සංකූලතා බවට අනාවරණය වී තිබෙනවා.
මේ බව පවසා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලයේ ශරීර සුවතා ඒකකය විවෘත කිරීමේ උත්සවයේදීයි.