තෙල් මිලේ ඉහළ යෑමක්

තෙල් මිලේ ඉහළ යෑමක්

ලබන වසරේ පොලී අනුපාත අඩු කිරීම් තුනක් සිදු වන බවට අමෙරිකානු ෆෙඩරල් බැංකුව සිදුකළ පුරෝකථනය අනුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පෙරේදා (14) ඉහළ යෑමක් පෙන්නුම් කළා.

බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 76ට ආසන්න වූ අතර, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක් ද ඩොලර් 71 ඉක්මවා ගියා.

අමෙරිකානු ෆෙඩරල් බැංකුවේ එම තීරණය කොටස්, බැඳුම්කර සහ රත්‍රං මිල සඳහා ද බලපෑම් කෙරෙනු ඇති බව අපේක්ෂිතයි.