එට්නා යළි පුපුරයි

එට්නා යළි පුපුරයි

යුරෝපයේ වඩාත් සක්‍රියම ගිනි කන්ද ලෙස සැළකෙන ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද නැවතත් විදාරණය වී තිබෙනවා.

එහෙත් ඉන් මෙතෙක් කිසිදු අවදානම් සහගත තත්ත්වයක් උද්ගතව නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

සිසිලි දූපතේ කතානියාහි පිහිටි මෙම ගිනි කන්ද යුරෝපයේ උසම ගිනි කන්ද වන අතර එය නිරන්තරයෙන් විදාරණයට ලක්වන බව සඳහන්.

කෙසේ වුවද ඉන් සැලකිය යුතු හානියක් සිදුවන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර, මේ දක්වා ඉන් කිසිදු අවදානම් සහගත තත්ත්වයත් උද්ගතව නොමැති බවයි වාර්තා වෙන්නේ.

https://tinyurl.com/4tc7j8vf

COMMENTS