සුරාසල් විවෘතව තැබෙන වේලාවේ වෙනසක්

සුරාසල් විවෘතව තබන වේලාව වෙනස් කිරීම පිළිබඳ අවධානය යොමුව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඊට අදාළ සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇතැයි ද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, සුරාසල් සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ජනතාව නීතිවිරෝධී මධ්‍යසාර වෙත යොමු කිරීමට පොළඹවන බවද කියා සිටියේය.
ඒ අනුව සුරාසල් විවෘතව තබන වේලාව රාත්‍රී 9 සිට පැය කිහිපයක් ඉදිරියට යනු ඇති බවයි වාර්තා වන්නේ.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින්.