දූෂිතයන්ට දඩුවම් දෙන්න – සෞඛ්‍ය වෘත්තීය සමිති

දූෂිතයන්ට දඩුවම් දෙන්න –                           සෞඛ්‍ය වෘත්තීය සමිති

සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කළ පමණින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුවලට විසදුම් නොලැබෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

ඖෂධ හිඟය, අනපේක්ෂිත රෝගී මරණ ඇතිවීම සහ තත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම පිළිබඳව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පසුගිය කාලසීමාව තුළ දැඩි විවේචන එල්ල වුනා.

සමඟි ජනබලවේගය විසින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එනු ලැබූව ද එය ඔහු වැඩි ඡන්ද 40 කින් ජයග්‍රහණය කළා.

එවන් පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කර, සෞඛ්‍ය අමාත්‍ය ධූරය දැරූ කෙහෙළිය රඹුක්වැල්ල එම ධුරයෙන් ඉවත් කර නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ පත් කළා.