පාසල් සිසුන් අතර ඇස් රෝගය පැතිරීම වේගවත් වෙයි

පාසල් සිසුන් අතර මෙම අක්ෂි රෝගයේ ව්‍යාප්තිය වසංගත වේගයෙන් පැතිර යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසනවා.
ඇස් රතුවීම, කඳුළු හා කබ ගැලීම හා ඇස්වල පවතින දැවිල්ල මෙම රෝගයේ බහුලව දැකිය හැකි රෝග ලක්ෂණ බව සඳහන් කරනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ එම රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් එවීමෙන් වළකින ලෙසයි.