අක්ෂි රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්න

දරුවන් අතර පැතිර යන අක්ෂි රෝගයක් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකින් මේ දිනවල වාර්තා වන නමුත් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගත යුතු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වැළකි සිටීමට මව්පියන් පියවර ගත යුතු බවද සෞඛ්‍ය අංශ පවසනවා.
මේ අතර අක්ෂි රෝගයක් පැතිර යාම හේතුවෙන් යටියන්තොට ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියේ පන්ති කාමරයක් වසා දමා ඇති බවට මාධ්‍ය තුළ සංසරණය පුවත අසත්‍යක් බවට යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේ බලධාරීන් පවසනවා.
අප කළ විමසීමකදී යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති සඳහන් කළේ අක්ෂි රෝගයක් වැළදුණු සිසුන් කිහිප දෙනෙකුට පමණක් පාසල් නිවාඩු ලබා දුන් බවත් පැතිර යන පුවත අසත්‍ය බවත්ය.
මෙම ප්‍රචාරය සමඟ අද දින පාසලට සිසුන් පැමිණීම අඩුවි ඇති බවටයි පාසල් බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.