ධනිෂ්ක නිදොස් කොට නිදහස්

ධනිෂ්ක නිදොස් කොට නිදහස්

ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවක ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

සිඩ්නි හි ඩවිනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණය මගිනුයි මෙම තීන්දුව ලබා දී තිබෙන්නේ.

සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් හමු වූ කාන්තාවක ලිංගිකව අපයෝජනය කළ බවට චෝදනා කරමින් ධනිෂ්ක ගුණතිලකට එරෙහිව නඩු පවරා තිබුණා.

එම නඩුව විභාග කිරීම පසුගිය 21 වනදා අවසන් කෙරුණා.

එහි තීන්දුව අද ප්‍රකාශයට පත් කළ විනිසුරු සාරා හගෙට් ධනිෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළා.

https://tinyurl.com/yt659za4

COMMENTS