ධනිෂ්ක ගුණතිලක ප්‍රථමවරට මාධ්‍යට කතා කරයි

ධනිෂ්ක ගුණතිලක ප්‍රථමවරට මාධ්‍යට කතා කරයි

ධනිෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියාවේදී එල්ල වූ ස්ත්‍රී දුෂණ චෝදනාවෙන් ඔහු නිදොස්කොට නිදහස් කර අධිකරණය විසින් අද තීන්දුව ලබා දී තිබෙනවා.

එහි දී ප්‍රථම වතාවට ඔහු තමාට එල්ල වූ චෝදනා ගැන සහ නඩු තීන්දුව ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඉදිරියේ තම අදහස් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙහිදී ඔහු මාස 11ක් වැනි අමාරු කාලය තුළ ඔහුට ශක්තියක් වූ ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ නීතීඥයින්ට, කළමනාකරුවන්ට, දෙමාපියන්ට සහ සහාය ලබා දුන් අනෙකුත් සියලු දෙනාට ස්තූතිය පුද කර තිබෙනවා.

එහිදී අදහස් දැක් වූ ධනිෂ්ක ගුණතිලක,

“මාස 11ක් වැනි අමාරු කාලය තුළ මාත් එක්ක හිටපු නීතීඥයින්ට, ශ්‍රී ලංකාවේ සිටින කළමනාකරුවන්ට, දෙමාපියන්ට සහ අනෙකුත් අයට මට ලබා දුන් ඒ සහයෝගයට ස්තූතියි. හැමෝම මාව විශ්වාස කළා, ඒක මට ගොඩක් වටිනවා. මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා, ආයෙත් ක්‍රිකට් ක්‍රීඩා කරනකන් මට ඉවසිල්ලක් නැහැ.” යනුවෙන්

https://tinyurl.com/yt659za4

COMMENTS