ඩොලරයේ අද වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගය අද සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවේ මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 316.27 ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 315.93ක් ලෙසයි වාර්තා වූයේ.
එමෙන්ම අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 328.06 ක් ලෙස සටහන් වූ අතර ඊයේ දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 327.51ක් ලෙස සටහන් වුණා.