නොදන්වා රට හැර ගිය වෛද්‍යවරුන් ගැන තීරණයක්

නොදන්වා රට හැර ගිය වෛද්‍යවරුන් ගැන තීරණයක්

නොදන්වා සේවය හැරගිය වෛද්‍යවරුන් ඇප මුදල මෙන්ම දඩ මුදල ද අමාත්‍යංශය වෙත ලබාදිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘත්‍රික සහකාර සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පවසනවා.

පසුගිය වසරේ ජනවාරි සිට මෙම වසරේ ජූලි දක්වා සංඛ්‍යාව 120කට ආසන්න වෛද්‍යවරුන් පිරිසක් සේවය හැරගොස් ඇති බවයි ඒ මහතා හෙළිකළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ නීති වෙනස් කිරීම් හෝ තර්ජනය කිරීම් වලින් වෛද්‍යවරුන් රට හැරයාම නතර කළ නොහැකි බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් පවසන්නේ වෛද්‍යවරුන් මෙන්ම විශේෂඥ වෛද‍්‍යවරුන් රට හැරයාම බරපතළ ගැටලුවක් වී ඇති බවයි.