ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු වැඩිවීමක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ යළි ඩොලර් 86 ඉක්මවා ගියා.
එය පසුගිය 2 වනදා ඩොලර් 82 දක්වා අඩු වුණේ ජුලි මාසයේ 17 වනදායින් පසු අඛණ්ඩව ඉහළගිය ප්‍රවණතාවට සුළු විරාමයක් ලබා දෙමින්.
ඊයේ (04) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 86 යි ශත 24ක් ලෙස සටහන් වුණා. ඩබ්ලිව් ටී අයි බොරතෙල් මිලද ඩොලර් 83ට ආසන්න වී තිබුණා.