සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (03) ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සමඟ අද (01) උදෑසන පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ අතර එය අවලංගු කිරීමට අදාළ සාකච්ඡාවේදී ලේකම්වරයා එකඟත්වය පළ කර තිබෙනවා.
ඒ අනුවයි අදාළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ