ඩොලරය පහළට

ඊයේ (27) දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගය අද (28) දිනයේ සුළු පහත වැටීමක් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අගය සටහන් වී ඇත්තේ රුපියල් 322 සියයට 66ක් ලෙසයි.
ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 322 යි සියයට 84 ක් ලෙසින් දැක්වුණා.
එමෙන්ම අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 335 යි සියයට 65 ක් ලෙසින් වන අතර කෙසේ වෙතත් ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 335යි සියයට 89ක් ලෙස සටහන් වුණා.