ඩොලරයේ සුළු පහළ යෑමක්

ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (27) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල රුපියලට සාපේක්ෂව සුළු පහළයාමක් සිදුව තිබෙයි.
ඒ අනුව අද ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්රී ලංකා රුපියල් 322.84 ක් ලෙසිනුයි සටහන් වූයේ.
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ ශ්රී ලංකා රුපියල් 335.89 ක් ලෙසයි.
