රුපියල අදත් බාල්දු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද(21) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 318.72 ක් ලෙසිනුයි සටහන් වූයේ.
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ ශ්‍රී ලංකා රුපියල් 331.98 ක් ලෙසයි.