වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් අනිවාර්යයි

වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් අනිවාර්යයි

වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් අනිවාර්යයෙන් ලබා දෙන ලෙස ජාතික ප්‍රතිශක්තිකරණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසනවා.

එමෙන් ම ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් පිළිබඳ කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසයි වසංගත රෝග විද්‍යා ඒකකය ජනතාට දැනුම් දී සිටින්නේ.

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා ගෙන්වා ඇති එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රමිතිය තහවුරු කළ ඒවා පමණක් වන අතර රෝග නිවාරණය සඳහා අදාළ එන්නත් දරුවන්ට ලබා දීමට දෙමාපියන් කටයුතු කළ යුතු බවයි වෛද්‍ය සමිත ගිනිගේ පවසන්නේ.