රත්‍රං මිල ඉහළට

රත්‍රං මිල ඉහළට

රත්‍රං වෙළෙඳපොළ දත්තවලට අනුව මෙරට තුළ අද (19) වන විට කැරට් 22 රන් පවුමක් රුපියල් 157,250 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම කැරට් 24ක රන් පවුමක් රුපියල් 170,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, ඊයේ දිනයට සාපේක්ෂව ලෝක රත්‍රං මිල ඩොලර් 1977 (31.10g) ලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර පසුගිය සිකුරාදා දිනයේ මෙරට තුළ කැරට් 22 රන් පවුමක් රුපියල් 154,500ක් ලෙසත් කැරට් 24ක රන් පවුමක් රුපියල් 167,000 ක් ලෙස සටහන් වී තිබෙනවා.