විශේෂඥ වෛද්‍යවරු 50ක් රට හැර ගිහින්

හදිසි අනතුරු අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් 20 දෙනෙකු සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 30 දෙනෙකු මේ වසරේ මේ දක්වා කාලය තුළ රට හැර ගොස් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න කියා සිටියේ මෙම ගැටලුව හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම පවා අර්බුදයක් බවට පත්ව ඇති බවයි.
එමෙන්ම, විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරුන් 30 දෙනෙකු අසාදු ලේඛනගත කර ඇති බවට ද කෝප් කමිටුව හමුවේදී පසුගිය දා අනාවරණය වුණා.
මේ අතර රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 63ක් දක්වා දීර්ඝ වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඊයේ මෝසමක් මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
එම දැනුම් දීම සිදු කෙරුණේ විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මස 17වන දා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලුනු අවස්ථාවේදීයි.