උද්ධමනය පහළට

උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශනයට අනුව පසුගිය මැයි මාසයේ උද්ධමනය සියයට 22 යි දශම 01 දක්වා අඩු වී තිබෙනවා.

එය අප්‍රේල් මාසයේ සටහන් වූයේ සියයට 33 යි දශම 06 ක් ලෙසයි.

අප්‍රේල් මාසයේ සියයට 27 යි දශම 01 ක් ලෙස සටහන් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය මාසයේ සියයට 15 යි දශම 08 දක්වා අඩුවී තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේදී සියයට 27 යි දශම 06 දක්වා අඩුවී ඇති අතර අප්‍රේල් මාසයේ එය දැක්වුණේ සියයට 39 ක් ලෙසයි.