රට යන අයට ඕනම වෙන එන්නතෙහි හිඟයක්

රට යන අයට ඕනම වෙන එන්නතෙහි හිඟයක්

මෙනින්ජයිටිස් හෙවත් මොළයේ උණ රෝගය වළක්වා ගැනීම සඳහා ලබා දෙන එන්නත මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කර සිටිනවා.

මෙම මොළයේ රෝගය පැතිරී යන රටවල සංචාරය හා අධ්‍යාපන කටයුතු සඳහා පිටත්ව යන පුද්ගලයින්ට වෛද්‍ය පරීක්ෂන ආයතනයේ එන්නත් මධ්‍යස්ථනාය මඟින් මෙම එන්නත ලබා දීම සිදු කරන බවද එම සංගමයේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කර සිටියා.

මොළයේ උණ අවදානම ඇති රටවලට වන්දනාවේ හා සංචාරයේ යන්නන් වීසා අයැදුම් කිරීමට පෙර මෙම එන්නත ලබාගැනීම අනිවාර්ය වන නමුත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ එන්නත් මධ්‍යස්ථානය වෙත පසුගිය වසරකට ආසන්න කාලයක් තිස්සේ මෙම එන්නත් ලැබී නැති බවයි ඔහු සඳහන් කර සිටියේ.

එමෙන් ම මෙම රෝගය පැතිරී ඇති රටවල සිටින පුද්ගලයින් මෙරටට පැමිණියහොත් විශාල ගැටලුවක් නිර්මාණය වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන් ම මෙම එන්නත පුද්ගලික අශයෙන් ලබා ගැනීමට හැකියාවක් තිබුණද ඇතැම් ස්ථානවල මෙය අනාරක්ෂිත ලෙස ගබඩා කර තිබීම නිසා ගැටලු නිර්මාණය වීමට හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.